April 27, 2024

මේරියන්ස් නලීන් පෙරේරා සිය නිවස නිරෝධායනයට දෙයි- තංගල්ල රෝහල් කාර්ය මණ්ඩලයේ නවාතැන් වෙනුවෙන් සුපිරි හෝටලයක්

ගායන ශිල්පී නලින් පෙරේරා මහතාගේ හලාවත පිහිටි ඔහුගේ නිවස නිරෝධායනයට භාවිත කිරීමට ලබා දී තිබේ.

මේ අතර අකුරැස්ස හෙල දිව හෙල්ත් කෙයාර් ආයතනයද නිරෝධායනය කටයුතු සඳහා ලබා දීමට එහි පාලන අධිකාරිය කැමැත්ත පල කර තිබේ.

නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කිරීම සහ නව කොරෝන පැතිර යාම වැලැක්වීමට වෛද්‍යවරුන් ඇතුලූ කාර්ය මණ්ඩලය ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ට පහසුකම් සැපයීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී සිටීම සතුටට කරුණක්.

ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටින තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට එලෙස පහසුකම් සැපයීමට තංගල්ල සිලෝන් සී හෝටලය ඉදිරිපත් වී සිටියි.

ඒ අනුව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආහාරපානද සහිතව නොමිලේ නවාතැන් ලබාදෙන බව එම හෝටල් පාලන අධිකාරිය සඳහන් කළේය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 26 March 2020 15:15