April 27, 2024

“පාරේ ඇවිද්දවනවා කියපු අයත් ආවා..සමාව දුන්නත් අමතක කරන්නේ නෑ” - බැසිල්ගෙන් සැර කතාවක්

ප්‍රසන්න ඇමැතිතුමා කැමැති නැති කට්ටියත් නාමයෝජනා අත්සන් කිරීමට පැමිණි බවත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අයත් පොහොට්ටුවට පැමිණි ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ගම්පහ පැවති උත්සවයකට එක් වෙමිනි.

ඕනෑම දෙයකට සමාව දුන්නත් කිසිදෙයක් අමතක කළ යුතු නැතැයි ද පැවසු ඒ මහතා, අමතක කර දැමුවහොත් කිසි දිනක හරි මඟ නොයන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කැමති මෙන්ම අකමැති පිරිස් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුන යටතේ නාමයෝජනා ඉදිරිපත් කිරීමට පැමිණ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මහින්ද මහතා අගමැති කිරීමට නොහැකි බව හොඳින්ම දැන ගෙනත් “මහින්ද අගමැති කරමු“ යනුවෙන් ප්‍රකාශ කළ තිබු බවත් නමුත් එවැනි බලාපොරොත්තුවක් ඇති කළ බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසී ය.

මේ වන විට සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති බවත් ඒ මොහොතට ප්‍රසන්න රණතුංග මහතා අකමැති අය පවා සහභාගී වී සිටි බවත් කෙසේ වෙතත් ඔවුන් දැන් එකතු වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 

Rate this item
(0 votes)