May 11, 2024

“2015දී පිරිසිදුවට හම්බවුණාද. හිතේ එකක් තියාගෙන තව එකක් කියන්න බෑ” මහින්ද රෝහණගේ මූණටම කියයි (VIDEO)

February 25, 2020

ඉදිරි ‌මහ මැතිවරණය සඳහා පිරිසිදු දේශපාලනඥයින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට 'මාර්තු 12 ව්‍යාපාරයේ' නියෝජිතයින් අද (25) පෙරවරුවේ අගමැති නිල නිවසට පැමිණ තිබේ.

'මාර්තු 12 ව්‍යාපාරයේ' කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වීමේදී අගමැතිවරයා ප්‍රකාශ කළේ “බලය නැති වුණාම වැඩක් නෑනේ නේ.බලය තිබෙන අය එපැයි හම්බවෙන්න.”

“අද අපි මුණ ගැහෙන්නේ මාර්තු 12 ව්‍යාපාරය හැටියට ඒක ඇත්තටම පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් 2015 පටන්ගත්තේ.” යැයි රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරද්දී අගමැතිවරයා පැවසූවේ “පිරිසිදුවට හම්බවුණාද වැ‌‌ඩේ. ඒක තමයි මම කියන්නේ අවුරුදු 05ක් හිටියනේ ඔයාලගේ බ්‍රෝකර්ලා.”

“අපි නම් දේශපාලනික ව්‍යාපාරයක් නෙමෙයි”   රෝහණ හෙට්ටිආරච්චි මහතා අගමැතිවරයාට පිළිතුරු දෙද්දී අගමැතිවරයා පැවසුවේ “ කමක් නෑ.කමක්නෑ. ඇත්ත කියන්න. අපි අවංකව කතා කරන්න එපැයි. හිතේ එකක් තියාගෙන තව එකක් කියන්න බෑනේ ”

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 February 2020 17:44