April 27, 2024

මැදින් පොහොයට බෙහෙත් 

මැදින් පොහෝ දිනට සමඟාමී ව දින 03 ක සංකේතාත්මක ව බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් සහ ප්‍රථමාධාර හා වෛද්‍ය කඳවුරක් වෛද්‍ය සමන් වීරසිංහ පදනම හා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව එක් ව සංවිධාන කර තිබේ.

ඒ සඳහා වෛද්‍ය සමන් වීරසිංහ පදනමේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ අණදෙන නිලධාරී වෛද්‍ය පාලිත අබේකෝන් මහතාට බෙහෙත් ද්‍රව්‍ය භාරදුන් බව වාර්තා වේ.

දිසා කොමසාරිස් සුනිල් ජයසීල, කොමසාරිස් ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් අල්විස්, විශේෂඥ වෛද්‍ය ඩී වීරසූරිය හා රුසියානු මධ්‍යස්ථානයේ විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

 

Rate this item
(0 votes)