April 27, 2024

අමරවීර යටතේ ඇති ප්‍රබල ආයතන කිහිපයක් ගලවයි! මහින්දානන්දගේ ඇමැති ධූරයේ වෙනසක්

February 11, 2020

විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය වෙනස්කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මහින්දාන්නද අලුත්ගමගේ අමාත්‍යවරයා යටතට යටතට තවත් ආයතන කිහිපයක් පවරා දී තිබේ.
 
මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.
 
පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන අයතන පවරා දී ඇත.

පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි. ඔහු යටතේ තිබෙන ආයතන කිහිපයක් මෙලෙස මහින්දාන්නද අමාත්‍යවරයා වෙත පවරා දී තිබේ.

මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වන අතර දේශපාලන විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම මේවන විට උග්‍ර වී ඇති බවයි.

කැබිනට් අමාත්‍ය ධූර ලබාදීමේදී තමන්ට පොරොන්දු වූ ඇමැති ධූර ගණන නොලැබුණ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ඇමැතිධූරවල දිවුරුම් දුන් අවධියේ සිට කලකිරීමෙන් කටයුතු කළ බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසී ය.

එවැනි වාතාවරණයක් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන මහින්ද අමරවීර මහතාගේ යටතේ තිබූ ප්‍රබල ආයතන කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙත පවරාදීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වී ඇති බවට එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟවූ ගිවිසුමද මේවනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 February 2020 12:01