May 02, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

CLO ක්‍රිකට් ජය "තොර්තොනා" කණ්ඩායමට"

ඒෂියන් මිරර් මාධ්‍ය අනුග්‍රහයෙන් ඉතාලියේ CLO සමුහ ව්‍යාපාරය විසින් මෙවර පවත්වන ලද තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට " TORTONA " කණ්ඩායම සමත්වුණා.

එහි අනුශුරතාවය හිමිකරගනු ලැබුවේ " PIOVE EMMANUVELE " කණ්ඩායමයි.

තරඟාවලියේ ප්‍රථම තරඟය " TORTONA " සහ " LACERELLA " කණ්ඩායම් දෙක අතර පැවති අතර,එහිදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්, නැවත පන්දුවට පහර දීම සඳහා එක්  පන්දුවාරයක් බැගින් කණ්ඩායම් දෙකටම ලබා දීමට සිදුවුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කල " TORTONA " කණ්ඩායම " LACERELLA " කණ්ඩායම පරදවා පළමු තරඟයේ ජයග්‍රහණය හිමිකරගත්තා.

ඒ අනුව " TORTONA " සහ " PIOVE EMMANUVELE " අතර දෙවන තරගය ඉතා උණුසුම් අයුරින් පැවති අතර,එහිදී " TORTONA "  කණ්ඩායම පරදවා තියුණු ජයක් අත්කර ගැනීමට " PIOVE EMMANUVELE " කණ්ඩායමට හැකිවුනා.

තරඟාවලියේ තුන්වන තරඟය "PIOVE EMMANUVELE " සහ "LAKERELLA "කණ්ඩායම් දෙක අතර පැවති අතර ,මෙහිදී තවදුරටත් තරඟයේ රැඳී සිටීමටනම් "LAKERELLA " කණ්ඩායම මින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණා.

නමුත් තියුණු තරඟයකින් අනතුරුව  "LAKERELLA " කණ්ඩායම පරදවා "PIOVE EMMANUVELE " කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.

අනතුරුව "PIOVE EMMANUVELE " සහ "THRTONA " කණ්ඩායම් අතර පැවති අවසන් තරඟය බොහෝදෙනාගේ අවධානය දිනාගත් තරඟයක් වූ අතර අවසාන පන්දුවාරය දක්වාම ජයග්‍රහණය කා අතට පත්වෙවිද යන්න සැක  සහිත වුණා.

නමුත් තියුණු ලකුණු හඹායාමක නිරත් වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කල "PIOVE EMMANUVELE " ක්‍රීඩකයින්ගේ අවසන් කඩුලු කිහිපයට බලපෑමක් එල්ල කිරීමට "THRTONA " වේගපන්දු යවන්නන් සමත්වුණා.

ඒ අනුව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී බොහෝදෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට "THRTONA " කණ්ඩායමට හැකි වීම සුවිශේෂත්වයක්.

මෙම තන්ගාවලිය නැරඹීම සඳහා ඉතාලියේ  CLO කළමනාකරුවන් මෙන්ම එහි සේවය කරන ශ්‍රී ලංකිකන්ගේ පවුල් වල පිරිස්ද එක්ව සිටියා.

තරඟයේ ඡායාරුප දර්ශන පහතින් නරඹන්න. 

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 August 2014 11:11