April 27, 2024

මන්නාරම රදගුරු පැරණි සුසානයේ එල්ලේ

මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතෙන්හමුවූ සමූහ මිනීවල ඉපැරණි සුසාන භූමියක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවමගින් තහවුරු කොට මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සාවද්‍ය‍ යැයිමන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු තවත් ආයතන තුනක් විසින් ලිපි මගින්අධිකරණයට දැනුම්දීම් දීතිබේ.මන්නාරම පොලිසිය විසින් තිරුකේතීස්වරන් සමූහමිනීවල සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගත්අවස්ථාවේදී මෙම ලිපි ඉදිරිපත් කළ බවයි නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවිවේකානන්දන් පුවිතරන් ප්‍රකාශ කළේ.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කුමක්පැවසුවද මෙම සමූහ මිනීවලේ යුද්ධය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඇටසැකිලිතිබෙන බවට සාධාරණ සැකයක් ඇති බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුදිගින් දිගටම සිදු කළ යුතු බවට ඉල්ලීම්ද මෙම ලිපිවල අඩංගු බවයි නීතිඥපුවිතරන් පවසන්නේ.

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් මෙන්මමන්නාරමේ ප්‍රාදේශීය සභාවද, දිස්ත්‍රික් පුරවැසි කමිටුවද අධිකරණයට ලිපිඉදිරිපත් කොට ඇති අතර ලිපිවල සඳහන් වන්නේ ගතවූ වසර 45 ක කාලය තුල මෙම සමූහමිනීවල හමුවූ ප්‍රදේශයේ පොදු සුසාන භූමියක් තිබුණු බවට සාක්කි නොමැති බවයි.

 මේ අතර අද සිට දින 04ක් මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද සහ හෙට මාන්තෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැමිණිලි විමර්ශනය කිරීමට නියමිතය. ලබන ඉරිදා මන්නාරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ද සඳුදා මඩු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ද පැමිණිලි විභාග කරන බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය. අතුරුදන්වූවන් සදම්බන්ධයෙන් නව පැමිණිලි බාරගැනීම ද එහිදී සිදුකෙරෙන අතර විමර්ශන කටයුතු සඳහා සහය පළ කරන ලෙස අදාළ ප්‍රදේශ වල ජනතාවගෙන් කොමිසම ඉල්ලීමක් ද කරයි.(උපුටා ගැනිම BBC)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 09:54