April 26, 2024

පොලිසියේ වෙඩි තැබිම් නිතී වීරෝධි - මානව හිමිකම් කොමසාරිස්

පොලිසිය සතු අවම බලය අයුතු ආකාරයෙන් භාවිතා කිරීමවැළැක්වීම සඳහා ඒ පිළිබඳව සොයා බලන ආයතන ශක්තිමත් කළ යුතු බව මහජන විනිශ්චයසභාව පවසයි.කොළඹ දී 'පොලිසියේ අවම බලය කුමක්ද?' යන මැයෙන්පැවැත්වූ රැස්වීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේකොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේ තමන්ට ඉදිරිපත් කළ හැක්කේනිර්දේශ පමණක් බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නියෝග නිකුත් කිරීමට තම කොමිසමට බලයක් නොමැති බවද ඔහු කියා සිටියේය.

"පසුගිය කාලයේ පොලිස් වෙඩි තැබීමෙන් වූ මරණ 48 ක්පිළිබඳව අපි පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඒ අතුරින් වෙඩි තැබීම් ගණනාවක් නීතිවිරෝධී බවටත් අපි නිර්දේශ කර තිබෙනවා. ඒත් අපට දිය හැක්කේ නිර්දේශ පමණයි."

මෙවන් මහජන විනිශ්චය සභා මගින් පොලිසිය විසින් අවමබලය වැරදි ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීමට බලපෑමක් ඇති කළ යුතු බව ඔහුවැඩි දුරටත් පැවසීය. (උපුටා ගැනිම BBC)

 

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 August 2014 09:48