April 27, 2024

නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ නැවත දැනුම් දෙන තුරු එම පළාතට ඇඳිරි නිතිය බල පැවැත්වෙන බවයි.

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට අද(13) පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය පැනවීමට තිරණය කර තිබුණු අතර අනතුරුව වයඹ පලාතටම බල පැවැත්වෙන පරිදි ඇදිරි නිතීය පැන වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, ඊයේ(12) දිනයේ දී කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3කට ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

අද දිනයේ දීතයේ දී ද කුලියාපිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳසැල් කීපයකට ගල්වලින් පහර දී අලාභානි කිරීමේ සිදුවීම් කීපයක් වාර්තා වු බවයි.

ඒ අනුව පොලිස් වසම් 6කට පොලිස් ඇඳිරි නීතිය පැනවු බවත් මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතටම ඇඳිරි නීතිය පැනවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(1 Vote)