April 26, 2024

අද සිදුවූ අනතුරුවලින් තිදෙනෙකු මියගොස්, 20කට තුවාල

අද (31) පෙරවරුවේ පළුගස්වැව සහ ගම්පහ, පොල්හේන හන්දිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරු දෙකකින් 20 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු මියගොස් තිබේ.

ත්‍රිකුණාමලයේ සිට අලුත්ගම දක්වා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් රැගෙන පැමිණි බසයක් අංක 91, පළුගස්වැව ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් කළ සෙබළුන් 17 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ. 

අද (31) පෙරවරු 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් රියදුරාට බරපතළ බවත් සිමෙන්ති පටවාගත් ලොරියකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර ගම්පහ, මීගහවත්ත, පොල්හේන හන්දිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන අතර බූම් ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකි. වෑන් රථයේ රියදුරු, ට්‍රක් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අනතුරෙන් තුවාල ලබා ගම්පහ සහ බියගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසී ය.

මෙම අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)