April 26, 2024

ටෝනි ඔබට සුභ උපන්දිනයක්

රණසිංහ ආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා නොහොත් ටෝනි රණසිංහ ශ්‍රී ලංකීය සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන ලාංඡනයකි. ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගධරයෙක් වූ ටෝනි රණසිංහයන් වත්තල ශාන්ත ආනා විද්‍යාලයෙන් සහ මෝදර ඩිලාසල් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වේදීකා නාට්‍ය තුළින් සිනමා ගමන ඇරඹූ රංගදරයෙකි.

වර්ෂ 1937 ජූලි මස 31 වැනිදා මෙලොව එළිය දුටු ටෝනි රණසිංහයන් අද සිය 77 වන උපන් දිනය සමරයි.

මෙරට සම්මානනීය රංගන ශිල්පියෙකු වූ ටෝනි රණසිංහයන් දක්ෂ ලේඛකයෙකුද වෙයි.

ලාංකීය සිනමාවේ උන්නතිය උදෙසා අසහාය දායකත්වයක් ගෙන දුන් ප්‍රතිභාපූර්ණ රංගදරයානෙනී ඔබට සුභ උපන් දිනයක් වේවා යි අපගේ ප්‍රාර්ථනයයි.

ටෝනි රණසිංහයන් සමග සිදු කරන ලද වීඩියෝ වැඩසටහනක් පහතින් බලන්න.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 11:50