April 26, 2024

සන්ධානය දෙකඩ වෙයි...නව පෙරමුණක් බිහිවෙයි!(EXCLUSIVE)

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළින්ම 'පළමු පෙරමුණ' නමින් නව බහුජන ව්‍යාපාරයක් තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිතය.රජයේ අති ප්‍රබලතම අමාත්‍යවරයකු මෙම පෙරමුණ සඳහා නිල නොවන මට්ටමින් නායකත්වය ලබාදීමට එකඟවී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ සිටි ජනාධිපති අපේක්ෂකයකු මෙන්ම  වත්මන් පානදුර නගරාධිපතිවරයාද වන  නන්දන ගුණතිලක සහ ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික නිදහස් පෙරමුණටත් පසුව නිදහස් පක්ෂයටත් නිල නොවන මට්ටමින් එක්වූ හිටපු අමාත්‍ය අචල ජාගොඩ යන මහත්වරු මෙහි ක්‍රියාකාරීන් දෙදෙනා බව 'ඒෂියන් මිරර්'වෙත වාර්තා වේ.ඉතා රහසිගත සම්බන්ධතා  හරහා පමණක්  මෙම පෙරමුණේ රහස්‍ය කටයුතු  පවත්වාගෙන යාමට නියමිතය.{module LOLC}

සියළු පක්ෂ වලින් එම පක්ෂ හැරගිය පුද්ගලයින් මෙම පෙරමුණ සඳහා එක්කර ගැනීමට කටයුතු මේවන විට ආරම්භ කර ඇත. මෙම පෙරමුණේ පළමු පෝස්ටරය මේවනවිට අලවා ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 August 2014 10:03