April 27, 2024

රාජ්‍ය උත්සව පුද්ගලික හෝටල් වල පැවැත්වීම තහනම් - ජනපතිගෙන් චක‍්‍රලේඛයක්

December 07, 2018

රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කල යුතු බව සියලු රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන්  සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයා දැනුම් දී ‍ඇති බවයි.

ජනපතිගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මඟින් සියලූ රාජ්‍ය නිලධාරින්ට අද මේ බව දන්වා තිබේ.

Rate this item
(0 votes)