April 27, 2024

කාර් ගෙන්වන අයට බදු වැඩිකළ යුතුයි - වාසු

November 28, 2018

රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසු දේව නානායක්කාර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සුරකුම්පත්වල ආයෝජනය කර ඇති ඩොලර් ඉවත් කරගෙන යන බවත් එය පාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

පෞද්ගලිකව කරන ලබන ආයනය සීමා කිරිමට කටයුතු කරන බවත් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“පුංචි කාර් ගෙන්වා අවසන්. ගෙන්වන්න අවශ්‍යතාවක් නැති තරමට වුවමනා කට්ටිය ගෙන්වා අවසන්. අපි කියන්නේ ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතුයි.

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.”

Rate this item
(3 votes)