April 27, 2024

රනිල් නැවතත් අගමැති නොවිය යුතුයි - ජවිපෙ

November 26, 2018

රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිධුරයට පත් නොවිය යුතු බවත් අරලියගහ මන්දිරයෙන් වහාම ඉවත් විය යුතු බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ඇමති මණ්ඩලය, විපක්ෂ නායක මෙන්ම අගමැතිවරයෙක් නොමැති හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරය තුළ රැදී නොසිටිය හැකි බව හෙතෙම පවසයි.

අවුරුදු තුන හාමාරක කාලයක් ජනවරමට පයින් ගැසූ පුද්ගලයෙකු ලෙසත්, රටට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකු ලෙසත් ක්‍රියාකළ බැවින් ඔහු අගමැතිධුරයට සුදුස්සෙක් නොවන බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 November 2018 10:34