April 27, 2024

"මා ජීවත්වන තුරු රනිල්ට නැවත අගමැතිකම දෙන්නේ නෑ" - ජනපති තරයේ කියයි (VIDEO)

November 25, 2018

තමන් ජීවත්වන කාලය තුළ නැවත වරක් අගමැතිධුරයට සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා විදේශීය වාර්තාකරුවන්ගේ සංගමය හා ජනපතිවරයා අතර පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව තුළ නිත්‍යනුකූල ලෙස එක්සත් ජාතික පෙරමුණ බහුතර බලය ඇති බව ඔප්පු කළද, එජාපෙ විසින් නැවත වරක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකළ යුත්තක් බව ඉතා පැහැදිලි ලෙස ඔවුන්ට ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා, ඔක්තෝබර් 26 වැනි දින ධුරයෙන් ඉවත් කළේ, ඉතාම දුෂිත වීම හේතුවෙන් බව ජනාධිපතිතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති තනි විශාලතම පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නොවේ දැයි මාධ්‍ය වේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ. 

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමා සම්ප්‍රදාය අනුව එහිදී කටයුතු කරන බවයි.

තමන් අගමැති ධුරයට පත් කරන තැනැත්තා ජනාධිපතිවරයා සමග වැඩ කළ හැකි අයෙකු විය යුතු වීම සම්ප්‍රදාය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන්ට රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි අතර, බහුතරය ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙනත් අයෙකු රැගෙන පැමිණිය හැකි බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සිදුවු මහා පරිමාණ වංචා දුෂණ ගැන තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කරන බවත්, ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

එම වීඩියෝව පහතින්

Rate this item
(2 votes)
Last modified on Sunday, 25 November 2018 19:39