April 26, 2024

CID ය පොලිස්පතිගෙන් පැය ගණන් ප්‍රශ්න කරයි

November 25, 2018

ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25)  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

ජනාධිපතිවරයා  හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් මෙලෙස පොලිස්පතිවරයාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තවත් දිනක පොලිස්පතිවරයා කැඳවීමට නියමිත බවද  එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්  යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. ඊට අදාල හඬපට කිහිපයක්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.

පැමිණිල්ලෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිටි නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.

 

 

Rate this item
(0 votes)