April 27, 2024

පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නැති අගමැති පිළිගන්න බෑ - සම්බන්ධන්

November 23, 2018

පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති පුද්ගලයා අගමැති ලෙස පිළිගැනීමට නොහැකි බව ආර් සම්බන්ධන් මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර් සම්බන්ධන් මහතා,

"ජවිපේ නායකතුමා හොඳ කතාවක් කළා. දැනට රටේ ඇති තත්ත්වයට පසුබිම් වූ කරුණු එහි සඳහන් වුණා. අගමැතිවරයා කියන කෙනා මේ සභාවේ විශ්වාසය දිනාගෙන තිබෙනවද කියන එක සරල දෙයක්. ඔහුට විශ්වාසය නැතිනම් ඔහු මේ රටේ අගමැති නෙමෙයි.

සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය එයයි. ඔක්තෝබර් 26 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති කර තිබුණත් ඔහු මේ සභාවේ විශ්වාසය දිනාගෙන නෑ.

අපිට මෙහිදී අල්ලස් දීම, තර්ජනය කිරීම මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගන්න සෘජු ක්‍රමයක් ලෙස සළකන්න බෑ.

ඔක්තෝබර් 26න් පස්සේ රටේ සිදු වෙන දේ අපි දන්නවා.

නොවැම්බර් 16 වැනි දා මේ රට අවමානයට පත්වුණා. පාර්ලිමේන්තුව අවමානයට පත්වුණා සමහර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා. කතානායකට එතුමාගේ ආසනයේ අසුන් ගන්න අවස්ථාව ලැබුණේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීට පහර දුන්නා. මේ මන්ත්‍රීවරුන්මයි එසේ කළේ. මේ සියල්ල කළේ මේ සභාව බලය නිහඬ කිරීමටයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ නොහැකියි.

අපි මන්ත්‍රීවරුන් ලෙස බැඳී සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමට. මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති පුද්ගලයකුට අගමැති ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ." යනුවෙන් අදහස් දැක්වීය.

 

 

Rate this item
(0 votes)