April 26, 2024

බදු නිසා දුක්වන අයට 'බදු අභියාචනා කොමිසම' නැවතත්

November 09, 2018

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත.

ඒ අනුව විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ , හිටපු විගණකාධිපති එස්.ස්වර්ණජෝති යන මහත්වරු එහි සෙසු සමාජිකයෝ වෙති.

2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන යම් ආරවුලක් ඉක්මනින් විසඳා ගැනීමට අවස්ථාව හිමිවේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක් , ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධ දුක්ගැණවිල්ලක් තිබේ නම් ඒවා බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකිය.

Rate this item
(0 votes)