April 27, 2024

ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය හැකියි 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම පරීක්ෂණය පැවැත්වීමට හැකියාවක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනිදන් පිල්ලේ පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයට තම යෝජනාව ඉදිරිපත් කරමින් අද (26) නවනිදන් පිල්ලේ විසින් මේ බව සඳහන් කළා ය.

මේවන තෙක් ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්යෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් විශ්වාසය කඩ වී ඇති බවත් පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සිදුවන හිරිහැර හා ප්‍රධාන වශයෙන් සංහිඳියාවට ගෙන ඇති ක්‍රියාමාර්ග වලද දක්නට ඇත්තේ සුළු ප්‍රගතියක් බවත් මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය සඳහන් කළා ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයට අදහස් දැක්වූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනිදන් පිල්ලේ ඉදිරිපත් කළ වාර්තාව පක්ෂග්‍රාහී බවත් එය ශ්‍රී ලංකාව අත්පත් කර ගත් සාමය පිළිබඳ අමතක කර ඉදිරිපත් කර ඇති බවත් මෑත කාලයේ දී ශ්‍රී ලංකාව තුළ යලිත් එල්ටීටීඊ සංවිධානය හිස එසවීමට කටයුතු කරන බවත්ය.    

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ ඇතුළු පිරිසක් සහභාගිවී සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 

ශී‍්‍ර ලංකාවට එරෙහිව අමෙරිකා යෝජනාව මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට හෙට (27) ඉදිරිපත් කරනු ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවලිය පිළිබඳ විවාදයෙන් අනතුරුව ජන්ද විමසීම ලබන 28 වැනිදා සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි. 

 

Rate this item
(0 votes)