May 02, 2024

කඩා වැටුණු මැලේසියානු යානයේ "රහස් හෙළිවෙයි"

යුක්රේන දේශ සීමාවට කඩා වැටුණු මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 මගී ගුවන් යානය නැගෙනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති. 

තවද ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්හිදී පැවැත්වෙන ඒඩ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු ඊයේ අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි හෙළිවී ඇති අතර ඒ බව ඔස්ටේ‍්‍රලියානු රජය විසින් තහවුරු කර ඇත. 

ඒඩ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මගීන් 295 දෙනකු සමඟ යුකරේන ගුවන් සීමාවේදී මැලේසියානු බෝයිං 777 ගුවන් යානය ඊයේ අනතුරට ලක්වීමත් සමඟ චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් රටවල් කටයුතු කර තිබිණ.

මෙම කඩා වැටුණු ගුවන්යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, මැලේසියානු 43ක්,  ඕස්ටේ‍්‍රලියානු 27ක්, ඉන්දුනීසියානු 12ක්, බි‍්‍රතාන්‍යයන් 9ක්, ජර්මානුවන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයන් 3ක්, කැනඩා 3ක් හා හඳුනානොගත් විදේශිකයන් 41 දෙනකු සිටි බව තහවුරු වී තිබේ.

යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල කළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(3 votes)