April 26, 2024

දේවාලයේ මුදල් වංචාවක්- ඇමති මර්වින් නෑ කියයි

සිය කීර්තිනාමයට හානි කරමින් උපක‍්‍රමශිලී ව මාගේ නාමය භාවිතා කරමින් කිසියම් පිරිසක් සැලසුම් සහගත ව පෙරහැරක් පැවැත්වීමට යැයි පවසා ආධාර මුදල් එකතු කිරීමේ කටයුත්තක නිරත ව සිටින බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

යුද්ධය නිමා කිරීමට යන ගමනේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි සිය හිතමිතුරන් කිහිපදෙනෙකුගේ උපකාරයෙන් කැලණි පුරවරයේ ඉදිකළ ලැබූ ශී‍්‍ර උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික මහා පෙරහැර මංගල්‍යය සිව්වැනි වරටත් එළැඹෙන 27 වැනි දා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

මේ සඳහා මුදල් සම්මාදමක් කිරීමක් සිදු නොවන බැවින් එවැනි පිරිස් ඇත්නම් ඒ පිළිබඳ ළඟ ම ඇති පොලීසියට දන්වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

යම් අයෙකුට පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා යම්කිසි ආධාර මුදලක් ලබා දීමට අවශ්‍ය වේ නම් පෙරහැර සංවිධාන කමිටුව අමතන මෙන් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 10:07