April 26, 2024

දෙහිඕවිට ප‍්‍රාදේශිය සභාපති "බස් රථ කොල්ලකෑමක" - කොස්තාපල්වරු දෙදෙනෙක් කොටු     

බස් රථයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට දෙහිඕවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම කොල්ලකෑම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ ආරක්‍ෂාවට ඇහැළියගොඩ පොලිසියෙන් අනුයුක්තකර සිටින කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් 06 වැනිදා රාත‍්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය.

ෆිනෑන්ස් ආයතනයක සීසර්වරු විසින් රැගෙන යමින් සිටි බස් රථයක් දෙහිඕවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් වෙනත් වාහනයකින් පැමිණ දෙහිඕවිට නගරයේදි මාර්ගය හරස් කර එම බස් රථය සීසර්වරුන්ගෙන් නැවත බලෙන් ලබා ගෙන ඇති බවත් එය  කොල්ලකෑමක් ලෙස වාර්තා වි ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් පවතින බවත් ඔහු ප‍්‍රදේශයෙන් බැහැරව සිටින බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සභාපතිවරයාගේ ආරක්‍ෂාව සඳහා ලබා දි සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ද මෙම සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ සිට ඇති බැවින් ඔවුන්වද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. 

Rate this item
(0 votes)