April 26, 2024

නියෝජ්‍ය ඇමති හේමාල්ට නඩු පැවරීම පොලීසිය මඟහරී

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝමාගම පොලිසියට ලිඛිත නියෝගයක් නිකුත්කර මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් හෝමාගම අධිකරණයේ නඩු පැවරීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් ව්‍යාජ අංක තහඩු සවිකළ වාහනයට අදාලව නඩු පැවැරීමට කටයුතුකරන්නැයි මීට මාසයකට පමණ ඉහතදී රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා විසින් හෝමාගම පොලිසියට ලිඛිත නියෝගයක් නිකුත්කර තිබිණි. 

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලිඛිත නියෝගයක් තිබුණද එම වාහනය නියෝජ්‍ය ඇමතිවරයෙක් පරිහරණය කරන්නක් බැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් පතන්නට තීරණය කළ බව හෝමාගම පොලිසියේ ප‍්‍රධානියෙකු සදහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 July 2014 12:14