April 26, 2024

සුප්‍රකට ව්‍යාපාරික එස්. ඩී. ගුණදාස මහතා අභාවප්‍රාප්ත වෙයි 

මෙරට සුප්‍රකට වෙළඳ ව්‍යාපාරිකයකු වූ කැලණිය, දළුගම දාස සමූහ ව්‍යාපාරයේ අධිපති එස්. ඩී. ගුණදාස මහතා ඊයේ (06) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසල් නිර්මාතෘවරයා වන්නේද ගුණදාස මහතාය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. දූදරුවන් දස දෙනකුගේ පියකු වූ ගුණදාස මහතා මිය යනවිට 83වැනි වියේ පසුවිය.

දේහය කොළඹ 05, ජාවත්ත පාරේ අංක 08 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසති.

Rate this item
(0 votes)