April 27, 2024

රමේෂ් පතිරණ ඩඩ්ලි සිරිසේන සමග රහස් සාකච්ඡාවක

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ ගාල්ල උණවටුන හෝටලයක පසුගියදා ව්‍යාපාරික මහේන්ද්‍ර විජේසේකර මහතාගේ පැවැත්වූ උත්සව අවස්ථාවක දී ය.

මෙම අවස්ථාවට දේශපාලන හිතවතුන් මෙන්ම ව්‍යාපාරික හිතවතුන් රැසක් ද සහභාගී වී තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා සහ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා උත්සවය අතරතුර වෙනත් ස්ථානයක දිගු වේලාවක් රහස් කතා බහක යෙදී ඇති බව අනාවරණය වේ.

එබැවින් ඔවුන් දෙදෙනාගේ මෙම රහස් කතා බහ කාගෙත් කුතුහලයට ලක් වී ඇත.

 

Rate this item
(1 Vote)