April 27, 2024

කොටිකාවත්තේදී අතුරුදන් වූ රත්රන් අශ්වයන් පොළොන්නරුවෙන් මතුවෙයි 

කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ අශ්වගාලක සිටියදී අතුරුදන් වූ "රන් පැහැති" අශ්වයන් දෙදෙනකු පොළොන්නරුව ප්‍රදේශයේදී හමුවී තිබේ.

කොටිකාවත්ත, කොහිලවත්ත ප්‍රදේශයේ අශ්වගාලක සිටියදී පසුගිය වෙසක් පොහෝ දින රාත්‍රියෙහි අතුරුදන් වූ මෙම "රන් පැහැති" අශ්වයන් දෙදෙනා ලක්ෂ 30ක පමණ වටිනාකමක් ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ පොලීසිය පොළොන්නරුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින් පසු අතුරුදන් වූ "රන් පැහැති" අශ්වයන් දෙදෙනා සොයා ගැනීමට හැකි වූ බව වැල්ලම්පිටිය පොලීසිය පැවසී ය.

අශ්ව ගාලේ සිටි "රන් පැහැයට" හුරු කුඩා අශ්වයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවට එම අශ්ව ගාලේ හිමිකරු විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගනිමින් දිඹුලාගල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පසුගිය 13දා සෙනසුරාදා අලුයම සිදුකළ විශේෂ සෝදිසියකදී සූක්‍ෂ්මව සඟවාගෙන සිටි එම "රන් පැහැති' අශ්වයන් දෙදෙනා සොයා ගැනීමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය සමත්ව තිබේ. 

එම "රන් පැහැති" අශ්වයන් සොරකම් කළ බවට සැකපිට අවුරුදු 29, 36 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන් එම අශ්වයන් විකිණීම සඳහා සොරකම් කර ඇති බවට පොලීසිය සැකකරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක 2 අධිකරණයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 May 2017 14:49