April 26, 2024

අවසන් සටනේදී මියගිය වැසියන් සැමරීමට ස්ථාන තුනකදී උත්සව පවත්වයි

අවසන් යුද සමයේදී වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සැමරීමේ වැඩසටහන් තුනක් යාපනයේ සහ වවුනියාවේදී ඊයේ (14) දිනයේදී පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හා ආනන්දි ශෂිධරන් ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සමරා ඔවුන් වෙනුවෙන් මල පහන් දැල්වීම මෙහිදී සිදු කෙරිණි.

මේ අනුව ඊයේ (14) පළමුව යාපනය වඩුකොඩ්ඩෙයි අම්මාන් කොවිල් ඉදිරිපිටදී හා පසුව මණිපායි සෙන් පීටර්ස් කිතුනු පල්ලිය අසලදී යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දැල්වීම සිදු කළ අතර ඊයේ සවස වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද පහන් දල්වා මිය ගිය වැසියන් වෙනුවෙන් සෙත් පැමිණවීම සිදු කළ අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතාද සහභාගි විය.

අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් ලක්යකට අධික පිරිස වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවටත් ඉදිරියේදී යාපනය ඩෙල්ෆ් පලාතෙත් අනතුරුව නැගෙනහිර පලාතේ මෙන්ම අවසානයේදී මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ මියය ගිය ඥාතීන් සමරා විශේෂ පූජාවක් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවට මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් කියා සිටියේය.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)