April 26, 2024

කුණු විරෝධතා කළ කල්ලියක් ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට

කසළ බැහැර කිරීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එකම කණ්ඩායමක් විසින් පැවැත්වූ විරෝධතා පිළිබඳ තොරතුරු ඇතුළත් රහස්‍ය වාර්තාවක් රජයට බාර දී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය බුද්ධි අංශ විසින් අදාල රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ(20) පස්වරුවේදී බාර දී ඇතැයිද රජයේ ආරංචි මාර්ග පැවසී ය.

කසල බැහැර කීරීමට එරෙහිව පිළියන්දල කරදියාන, වත්තල මුතුරාජවෙල, කොටිකාවත්ත, දොම්පෙ ආදී ප්‍ර දේශවල පැවැත්වූ උද්ඝෝෂණ එකම කණ්ඩායමක් විසින් මෙහෙය වූ බවට බුද්ධි අංශ වාර්තාවේ දැක්වේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කටයුතු කරන දේශපාලක කණ්ඩායමක් සහ තවත් දේශපාලන පක්ෂ දෙකක් විරෝධතාවලට සෘජුව සම්බන්ධ බවටද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 April 2017 14:28