April 26, 2024

සයිටම් ලොක්කාට වෙඩි තැබීම: දෙදෙනෙකු අත්අඩංගුවට - දේශපාලකයකු ගැන සැකයක්?

February 28, 2017

සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග පවසයි.

එම වෙඩි තැබීමේ සිදුවීම නිර්මාණය කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලකයකු බවට තොරතුරු ඇතැයි ද එම ආරංචි සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය සමීර සේනාරත්න මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තේය.

සමීර සේනාරත්න මහතාගෙන් යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත යැයි ද පොලිසිය පැවසී ය.

Rate this item
(0 votes)