May 08, 2024

විමල්ට පාර්ලිමේන්තු කාරක සභාවට යන්න අවසර දෙයි

February 27, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් රිමාන්ඩ් නියෝගයට එරෙහිව වීරවංශ මහතා කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය කැරිණ.

ප්‍රතිශෝධන අයදුම්පත ලබන මාර්තු 07 වැනි දා නැවත කැඳවීමට නියමිත ය.

Rate this item
(0 votes)