April 27, 2024

'කැත කතා කියනකොට මේ වගේ උත්තර දෙන්න වෙනවා' - ගෝඨාගෙන් සැර පිළිතුරක් (VIDEO)

යුද්ධය ජයගත් බව කියන සරත් ෆොන්සේකා යුද ඔස්තාර් ලෙස පෙනී සිටින බවත් ඔස්තාර්ගේ යුද හමුදා මූලස්ථානය ඇතුළට කොටි ධේනුව ඇවිත් ඔස්තාර්ට ප්‍රහාර එල්ල කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“ඔස්තාර්ට යුද හමුදා මූලස්ථානය ආරක්ෂා කරන්න බැරිනම් ජනතාව විශ්වාස කරාවිද යුද්දේ දින්නා කියලා“ යැයි හෙතෙම සඳහන් කළේය.

අපි යුද්ධ කරපු අයව ගරහලා නොතිබූ බවත් නමුත් කැත කතා කියනකොට මේ වගේ උත්තර දෙන්න වෙන බවත් යුද්ධය ජය ගැනීම සඳහා බුද්ධි අංශ, පොලීසිය, ගුවන් හමුදාව මෙන්ම නාවික හමුදාවද විශාල සහයක් දුන් බව ඒ මහතා පෙන්වාදුන්නේය.

රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම්වල සිදුව ඇති බව පැවසෙන දුෂණ හා වංචා සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම විසින් සිදු කළ විමර්ශන අවසන් වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එසේම ලසන්ත වික්‍රමතුංගගේ මරණය සිදුකළේ සරත් ෆොන්සේකා බවට  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූ බවත් ඒකට සියයට 5000ක් එකඟ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 March 2016 10:35