April 26, 2024

රාජ්‍ය පාසල් රැසක් ඇමති අකිලට පිටින් යයි

අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා වහාම නවතන ලෙසටත් එය ලබන වාරයට කල් දමන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය නොසලකා හැර ක්‍රීඩා උත්සව පැවැත්වීමට දිවයිනේ බොහෝ පාසල් කටයුතු කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයාගේ නියෝගය නොසලකා හැරි පාසල් බොහොමයක් රජයේ පාසල් වන අතර ඇතැම් ජාත්‍යන්තර පාසල් එකී නියෝගයට හිස නමා ක්‍රීඩා කටයුතු කල් දමා තිබීම වි‍ශේෂයෙන් කැපී පෙණුණි.

පවතින කාලගුණ තත්ත්වය මොළය, හෘදය, වකුගඩු මෙන්ම ඇස්‌ ආදී ශරීර අවයවවලට හානිකර බලපෑම් ඇති කරවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවා ඇතත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ සහ රජයේ ද නියෝග නොසළකා හැර පාසල් මෙසේ කටයුතු කිරීම පිළිබඳව දෙමාපියෝ සිය දැඩි අප්‍රසාදය පළ කොට ඇත.

Rate this item
(0 votes)