April 26, 2024

ජිනීවාවලට එරෙහි වී ජන ජීවිතය අඩාල කර ගනී

ජිනීවා මානව හිමිකම් යෝජනාවට එරෙහි ජනතාව අද ත්‍රිකුණාමලයේ දී ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

එම ප්‍රදේශයේ බැංකු කටයුතු සියල්ල බිඳ වැටී ඇති අතර ගමනාගමන කටයුතු ද ඇණ හිට ඇත.

කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර පාසල් සිසුන්ගේ පැමිණීමේ දුර්වතා හේතුවෙන් නියමිත වේලාවට පෙර පාසල් වසා දැමීමට විදුහල්පතිවරුන්ට සිදු වී තිබේ.

කිහිපයක් හැර සියළු රාජ්‍ය ආයතන විවෘත ව පැවතිය ද සේවක පැමිණීම දුර්වලවීම හේතුවෙන් එම ආයතනවල කටයුතු ද අඩපණ වී තිබේ.

ත්‍රිකුණාමලයේ සිට අද අළුයම ධාවනය ආරම්භ කළ බස් රථ 03 කට නුවර පාර, 05 කණුව ප්‍රදේශයේ දී ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම බස් රථවල ගමන් කළ ජනතාවට හානි සිදු ව ඇති බව ත්‍රීකුණාමලය මුලස්ථාන පොලීසිය පවසයි.

අමදෝරු අමරජීව 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 March 2014 11:10