April 27, 2024

හිංසාවකින් තොර ව බඹරු ඉවතට 

පේරාදෙනිය විශ්වවිද්‍යාලය ආශ්‍රිත ව බැඳ තිබූ බඹර වද 27 ක් එම බඹරුන්ට හිංසාවක් නොවන අයුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මහනුවර බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය මැදිහත් වී එම බඹර වද ඉවත කිරීම සිදුකර තිබේ.

සරසවි සිසුන් ඇතුළු 12,000 කට අධික ජනතාවක් දිනපතා ගැවසෙන එම පරිශ්‍රයේ බඹර වද පැවතීම අනතුරුදායක බව මීට පෙර හෙළිදරව් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය සහ කලා පීඨය යා කෙරෙන කොන්ක්‍රීට් පාලම මත තිබූ බඹර වද  යකඩ බට යොදා ඉදිකළ අට්ටාලයක නැග බිඟු සම්පත් සුරැකීමේ සංවිධාන සාමාජිකයින් ඉවත් කර තිබේ.

Rate this item
(0 votes)