April 26, 2024

ඇමති කථාව නිසා මගීන් ගුටි කෑවා

‘මගී ජනතාව මේ ගැන බලා ගනියි’ යැයි ප්‍රවාහන ඇමතිවරයා පැවසීම සාහසික ප‍්‍රකාශයක් බවත් ඒ හේතුවෙන් ඊයේ අලව්වේදී අත් දැකීමට ලැබුණේ මේ ප‍්‍රකාශයෙන් එළිදැක්වුණු තත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

“දුම්රිය පෙට්ටි 05ක් දක්වා ඇති දුම්රියකට එක් ගාඩ්වරයෙක් සිටිය යුතුයි. 05කට වැඩිනම් දෙන්නෙක් ඉන්න ඕනෑ. පොතුහැරදී ගැටුණු දැයට කිරුළ දුම්රියේ පෙට්ටි 12යි. එන්ජින් 02යි. විශේෂිත නගරාන්තර දුම්රියක් විදියට මේක ධාවනය කර තිබුණා. සේවයට යොදවා හිටියේ වයස අවුරුදු 65ක් වූ කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගත් එක ගාඩ්වරයෙක් විතරයි. අන්තිමේ වැරැද්ද රියදුරන්ට පටවනවා.“ යැයි හෙතෙම සදහන් කළේ ය.

මගීන් තමන්ගේ පීඩනය දුම්රිය සේවකයන් හට මුදා හැරි බවත් දුම්රිය දේපළවල ආරක්‍ෂාව වගේම මගීන්ගේ ආරක්‍ෂාව සහ සේවකයින්ගේ ආරක්‍ෂාව සැලසීම පිළිබඳව අදාල අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් විජිත හේරත් මහතා පැවසී ය. 

 

Rate this item
(0 votes)