April 26, 2024

දක්ෂිණ පායේ සිවිලිම බිම 

ගාල්ල, ලබුදූව ප්‍රදේශයේ ඉදිකළ නව දකුණු පළාත් සභා සංකීර්ණය පිහිටි දක්ෂිණ පායේ 07 වැනි මහලේ  සිවිලිමේ කොටසක්  කඩා වැටී ඇතැයි එහි සේව‍කයෝ පවසති.

පසුගගිය පෙබරවාරි මාසයේ දී එම ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

අද දිනය පුරා පැවති වර්ෂාවත් සමග එලෙස එම සිවිලිමේ කොටසක් කඩා වැටී ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

එලෙස සිවිලිමේ කොටසක් කඩා වැටෙන අවස්ථාවේ එම ස්ථානයේ කිසිදු පුද්ගලයෙක් නොසිටීම හේතුවෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.

ලංකින්ද නානායක්කාර

Rate this item
(0 votes)