April 26, 2024

දකුණු කොරියාවේ පළමු බෞද්ධ විහාරය " කොරියා - ශ්‍රී ලංකා මහා විහාරය" නමින්

දකුණු කොරියාවේ ඉදිකෙරෙන පළමු බෞද්ධ විහාරස්ථානය වන " කොරියා - ශ්‍රී ලංකා මහා විහාරය" සඳහා පසුගිය දින පියොන්ග්ටේක් (Pyeongtaek) නගරයේ දී මුල්ගල් තැබිණ.

පියොන්ග්ටේක් (Pyeongtaek) නගරය සෝල් (Seoul) නගරයට කිලෝ මීටර් 80ක පමණ දුරකින් පිහිටා ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයක් කොරියාවේ ඉදිවන පළමු අවස්ථාව මෙය වන අතර 1977දී ශ්‍රී ලංකා කොරියා තානාපති සබඳතා පිහිටුවා ගැනීමේ සිට මෙම ක්‍රියාව දෙරට අතර සබඳතාවේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරයි. 

මෙම ව්‍යාපෘතිය බෞද්ධයන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා ඉටුකරනු පමණක් නොව කොරියා හා සිංහල භාෂා ඉගැන්වීම, භාවනාව හා ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් ප්‍රවර්ධනය සමග දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට සමත්වනු ඇත.

පර්චස් 38ක භූමි ප්‍රමාණයක මූලික වශයෙන් ඉදිකෙරෙන මෙම විහාරය පසුකාලීනව පර්චස් 10ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය. විහාරයෙහි හා දාගැබෙහි ඉදිකිරීම් කටයුතු වසර 2017 වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු කොරියාවේ සදහම් මිතුරෝ සංවිධානයේ සහ වෙනත් කොරියානු සුබපතන්නන්ගේ මූල්‍යාධාර මත සිදු කෙරේ.

Rate this item
(0 votes)