April 26, 2024

ලාංකිකයකුට ඕස්ට්‍රේලියාවේ වැසිකිළියෙන් ඩොලර් ලක්ෂයක් හමුවේ

(විශ්ව ඩිලාන්  අන්තර්ජාලයට යොමු කරන ලද ලිපියකි )

චමිදු අමරසිංහ 2011 වසරේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය හදාරමින් ඉන්න ගමන් තම part time job එකට කලේ cleaner කෙනෙක් වශයෙන් වැඩකිරීමයි. එය සාමාන්‍ය රැකියාවක් මෙහෙට එන හැම කෙනෙකුටම. නියම රැකියාව ලැබෙන තුරු එම අංශයේ රැකියාවල් තමයි ලෙහෙසියෙන්ම හොයාගන්න තියෙන්නේ. වෙනදා වගේම වැසිකිලි පිරිසිදු කිරීමේ යෙදෙනකොට ඔහුට ඩොලර් 50 හා 100 නෝට්ටු දකින්නට ලැබිල තියෙනවා.

කවුරුහරි රවට්ටන්න කරපු දෙයක් කියල චමිදු හිතල තියෙන්නේ. එත් ඇත්තටම එතන ඩොලර් ලක්ෂයක් 50 හා 100 නෝට්ටුවලින් තිබිලා තියෙනවා. එතනින් එක කොළයක්වත් ඔහු නොගෙන supervisor ට දැනුම් දීලා පොලිසියට ඒවා බාර දීල තියෙනවා. පොලිසිය සල්ලි ආපු විදිහ සෙව්වත් එය කෙහෙන් ආවාදැයි දැනගනීමටවත් එය ගැනීමට කිසිම කෙනෙකුවත් ඉදිරිපත් නොවීමත් නිසා නඩුකාර තුමාගේ චමිදුගේ අවංක භාවයට ගරුකිරීමක් වශයෙන් එම ඩොලර් ලක්ෂයක මුදලෙන් ඩොලර් 81,597 ක මුදලක් ඔහුට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. තමාට වාසනාවට ලැබූ මේ මුදලින් කොටසක් අබාධිත අය වෙනුවෙනුත් තවත් කොටසක් මෙල්බර්න් තිබෙන බෙරික් පන්සලටත් (සෝම ස්වාමින්වහන්සේ වැඩ විසු) දීමට තීරණය කර තිබෙනවා. 

මෙම පුවත එරට මාධ්‍ය වාර්තාකළ අයුරු පහතින්  දැක්වේ 

AN honest janitor has cleaned up after finding $100,000 of dirty money in a toilet.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 May 2014 11:19