April 26, 2024

හොල්සිම් සමාගමට සේවකයින්ගේ විරෝධය

සේවකයන් 500 ක් පමණ වසර 15 ක පමණ සිට ස්ථිර නොකර සේවය ලබා ගනිමින් ඔවුන්ගේ මූලික අයිතියද අහිමි කර ඇති හොල්සිම් පාලනාධිකාරියට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. 

පැය 8 වැඩමුරය, නිශ්චිත වැටුප්, අතිකාල ලබාදීම වංචනිකව සිදු වන බවද මෙම තත්ත්වයට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ සිට හොල්සිම් පාලනාධිකාරිය දැනුවත් කළද ඊට යහපත් ප‍්‍රතිචාරයක් නැති බවද අන්තර් සමාගම් සේවක සංගමයේ සංවිධායක ලේකම් බී.අයි. ආබ්ඩීන් මහතා පැවසී ය.

හොල්සිම් ලංකා සමාගමේ ලංකාවේ සිමෙන්ති වෙළඳපොලින් සියයට 40 ක පමණ වෙළඳපොල හිමිකමක් ඇත. මෙම සමාගමේ මීට පෙර ලංකා සිමෙන්ති සංස්ථාව ලෙස පැවති අතර පැවති රජයන් මෙම සමාගම සේවකයන් 3500 ක් රැකියා සපයා තිබියදී විකුණා දමනා ලදී. 

මේ වනවිට පුත්තලම, ගාල්ල, අරුවක්කාරුව වැඩබිම්වල සේවකයින්ගේ එකතුව 800 ක් පමණ වන අතර මෙසේ සේවකයින් 300 ක් පමණ ස්ථිර සේවකයින් වේ.

Rate this item
(0 votes)