April 26, 2024

සැප්තැම්බර් 17 අනගාරික ධර්මපාල දිනයයි 

2014 සැප්තැම්බර් 17 වැනි දා ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සංවත්සරය යෙදෙන මෙම දිනය ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට මහා සංඝරත්නය හා අනෙකුත් බෞද්ධ සංවිධාන යෝජනා කර ඇත. 

ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ද එකඟ වී ඇතැයි රජය පවසයි.

ඒ අනුව ඒ දිනය ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත. 

 

Rate this item
(0 votes)