April 27, 2024

කොමසාරිස් බොරුකාරයෙක් -ඇමති ලොකුගේ

මැතිවරණ නිලධාරීන්ට "බැහැපිය බල්ලා එළියට" යනුවෙන් පවසා ඔවුන්ගේ රාජකාරියට බාධාවක් සිදු නොකළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

අමාත්‍යවරයා ලෝක කාන්තා දිනය වෙනුවෙන් පැවති ස්වයං රැකියා වැඩසටහනකට සහභාගි වී සිටිය දී මැතිවරණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙය යොදාගෙන ඇති බවට පැවසූ විට අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම වැඩසටහන අවසන්වන තුරු අවධානයෙන් සිටින බවත් ය.

මෙම ස්වයං රැකියා වැඩසටහන සංවිධානය කර තිබුනේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසිනි.

මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වන අනෙකුත් පක්ෂවල කාර්යාලවලට තමාගෙන් තර්ජන ඉදිරිපත්වන බවට මැතිවරණ කොමසාරිස්වරයා චෝදනා කළ ද එය සත්‍යක් ද නැද්ද යන්න අදාල කාර්යාලවලට පැමිණ එහි සාමාජිකයින්ගෙන් කරුණු විමසන ලෙසට ද අමාත්‍යවරයා ආරාධනයක් කරයි.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 18 March 2014 11:20