April 27, 2024

වයඹින් රටටම ආදර්ශයක්

ජිනීවා යෝජනාවලට එරෙහිව වයඹ පළාත් සර්ව ආගමික නායකයින් සිදු කිරීමට නියමිත සත්‍යග්‍රහය මුළු දිවයින පුරාම ව්‍යාප්ත කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වයඹ පළාතේ සියලුම සර්වාගමික නායකයින් මෙම මස 24 වැනිදා කුරුණෑගල දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

ජිනීවා යෝජනාවලට එරෙහිව සමස්ථ වයඹ පළාතම එක් කිරීමට එම පළාතේ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ගත් පියවරකට අනුව මෙය ක්‍රියාත්ම වේ.

මීට අමතරව ජීනිවා මානව හිමිකම් කුමන්ත්‍රණයට එරෙහිව  එළඹෙන 20 වැනිදා පෙරවරු 10.30 සිට 12.00 දක්වා  ත්‍රිකුණාමල අනුරාධපුර හන්දියේ  පැවැත්වෙන ජනතා විරෝධයට සියලු දෙනා  එක්වන ලෙස සිංහල දෙමල, මුස්ලිම්,  ජනතා සංවිධානය නමින් සංවිධානයක් ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 March 2014 13:35