April 20, 2024

චීනයේ කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙන ස්වයං ටැක්සි නුදුරේ දීම මහා මගට

September 21, 2019

පසුගිය 19 වැනිදා චීනයේ ගුවැන්ෂූ ප්‍රාන්තයේ පැවැති චීන ඉලෙක්ට්‍රෝනික ප්‍රදර්ශනයේ දී Auto-X සමාගම විසින් ස්වයං ටැක්සි සේවාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබුණා.

මෙම Auto - X ස්වයං ටැක්සිය සඳහා තථ්‍ය කාල කැමරා (real-time cameras), ප්‍රබල සංවේදක, රෝබෝමය උපකරණ සහ කෘතිම බුද්ධි (Artificial Intelligence (AI)) වලින් බලගැන්වී ඇති බව සඳහන් වෙනවා.

මෙම වාහනය චීනයේ මහ මාර්ගවල භාවිතයට පෙර අමෙරිකාවේ, කැල්ෆෝර්නියාවේ, සැන් ජෝස්වල දී අත්හදා බලා ඇත.

එහිදී සාර්ථකව මෙම ටැක්සි ක්‍රියාත්මක වී තිබුණු අතර ඒ අනුව චීනයේ මෙම වාහන ධාවනය සඳහා අවසර හිමි කර ගැනීමට සමත් වී තිබේ.

මෙම Auto - X ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ෂියාඕ ජියැන්සියොං පවසන්නේ වසර 10ක පර්යේෂණවලින් පසුව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි වු බවයි. ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ මෙම ස්වයං ටැක්සි සේවය මඟින් චීනයේ මාර්ග තදබදයට විසඳුමක් ලබා දීමට හැකිවනු ඇති බවයි.

Auto - X සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර තිබුණා.

Rate this item
(0 votes)