April 14, 2021

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ 03 වෙනි තරගය අතර ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි හට නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවිය.

මෙහිදී තරගය පැවැත්වෙන අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් පනවා තිබුණුමුත් එක් ඉන්දීය ක්‍රිකට් ලෝලියෙකු එක්වරම ආරක්ෂක වැටෙන් පැන විරාට් කෝලි සිටි දෙසට දුව යන්නට විය. 

කොරෝනා වෛරසය නිසා මෙතෙක් කල් ප්‍රේක්ෂකයන් හට තරඟ නැරඹීමට ඉන්දීයාව ඉඩ ලබා නොතිබුණු අතර පසුගියදා නැවත වරක් සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණි.

එවන් අවස්ථාවක මෙලෙස ප්‍රේක්ෂකයෙකු විරාට්ව වැළඳ ගැනීම සඳහා ක්‍රීඩා පිටිය වෙත දුවගෙන පැමිණෙන අතර විරාට් ද මෙම සිදුවිමෙන් මවිතයට පත් වී අහකට පැන තමන් දෙසට එන ප්‍රේක්ෂකයාව නවත්වන්නට උත්සාහ කළේය.

මෙම අවස්ථාව ප්‍රේක්ෂකාගාරයේ සිටි ඉතිරි ක්‍රීඩකයන්වත් විනෝදයට පත් කිරීමට සමත් වූ අතර සියලු දෙනා ඔලවරසන් දීමටත් අත්පොළසන් දීමටත් පටන් ගත්තේය. 

නමුත් මෙම සිදුවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් දැඩි කෝපයට පත්ව ඇති අතර ඔවුන් විසින් එම ප්‍රේක්ෂකයා සම්බන්ධව පරික්ෂණයක් ආරම්භ කර දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවට පවසා තිබුණි. 

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම T20 ක්‍රිකට් තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) දිනයේ දී පැවැත් වුණි.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය හිමි වූ සිදුවීම් කිහිපයක් වූ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි දැවැන්තම මිලදී ගැනීම ද ඊයේ දිනයේ සිදු වූ අතර ඔහුව ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකට රාජස්ථාන් රෝයල් කණ්ඩායම මිලදී ගැනීමට කටයුතු කළේය.

මෙහිදී  මෙම වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් 09 දෙනෙකු ද ඉදිරිපත් වී තිබුණු අතර ඉන් වෙන්දේසිය සඳහා යොමු කර තිබුණේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණයි.

මෙලෙස ඉදිරිපත් කර තිබුණේ කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ය.

නමුත් මෙම ක්‍රීඩකයන් තිදෙනාවම කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමට කටයුතු කර තිබුණි.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරපු එකම ක්‍රීඩකයා වූ රෝයල් චැලේනජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානවද මෙම වසරේ දී ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

අද (18) දිනයේ ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම T20 ක්‍රීඩා තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත් විය.

මෙහිදී අධික මිල ගණන්වලට ක්‍රීඩකයන් විවිධ කණ්ඩායම්වලට අලෙවි වූ නමුත් සියලු දෙනාම වැඩියෙන්ම කතා කළේ ඉන්දීය සුරූපි මෙන්ම ජනප්‍රිය නිළියක් වන කිංග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරිණිය වන ප්‍රීටී සින්ටා කළ මිලදී ගැනීමක් පිළිබඳවයි.

මෙහිදී ඇය විසින් තමිල්නාඩුව නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එකතු වන ශාරුක් ඛාන් නම් තරුණ ක්‍රීඩකයාව මිලට ගැනීමට කටයුතු කළේය.

සුප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු වන කිංග් ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ නම මෙම පිතිකරුවාට තිබීම නිසා විවිධ හාස්‍ය ජනක පුවත් ද ඉන්දීයානු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර හුවමාරු විය.

එහිදී ශාරුක් සහ ප්‍රීටි සින්ටා එකට රඟපාන ලද කවදාවත් එකතු වීමට නොලැබුණු පෙම්වතුන් යුවලක්ගේ කතාව රැගත් වීර් - සාරා චිත්‍රපටයේ වීර්ට සහ සාරාට නැවත එකතු වන්නට අවස්ථාවද හිමි වූ බවට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් පවසා තිබුණි.

එමෙන්ම නළු ශාරුක් ඛාන්ගේ ඡායාරූප ද පළ කරමින් තවත් පිරිසක් සඳහන් කර තිබුණේ ප්‍රීටි සින්ටා විසින් කිංග් ඛාන්ව ඉන්දීය රුපියල් කෝටි 5.25කට මිලදී ගත් බවයි.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩක ශාරුක් ඛාන්ව මිලදී ගැනීමෙන් පසුව ප්‍රිටී සින්ටා විසින් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ ක්‍රිකට් කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට පැමිණි පිරිස දෙස බලා සිනාසෙන අයුරුද දැක ගත හැකි විය. 

එම අවස්ථාවේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතා වන ආර්යන් ඛාන් ද සහභාගී වි සිටි අතර ඔහුද එම අවස්ථාවේ සිනාසෙන අයුරුද දැකගත හැකිවිය.

එම අවස්ථාව පහතින්,

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබලම පිතිකරුවා මෙන්ම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින ප්‍රබලම පිතිකරුවෙකු ද වන විරාට් කෝලී හට ඇස් අදහා ගත නොහැකි වූ පන්දුවක් යොමු කිරීමට එංගන්ත කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සමත්විය.

ඒ මේ වන විට ඉන්දියාවේ දී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ය.

කොරෝනා වෛරසයට ගොදුරුව නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටි සුව වී නැවත පැමිණි මොයින් අලී මෙම පන්දුව යොමු කරන්නේ ඔහු සුව වීමෙන් පසුව සහභාගී වූ ප්‍රථම ටෙස්ට් තරඟයේ දීය.

එහිදී පන්දු 05කට පමණක් මුහුණ දී එකදු ලකුණක්වත් නොලබා සිටි විරාට් කෝලීව තමන් යැවූ ප්‍රථම පන්දුවෙන්ම දවා ගන්නට මොයින් අලී සමත් වන්නේ එම දස්කම පෑ ලෝකයේ එකම පන්දු යවන්නා බවට පත්වෙමිනි.

මීට පෙර කිසිදු දඟ පන්දු යවන්නෙකුට සිය ප්‍රථම පන්දුවෙන්ම විරාට් කෝලීව දවා ගැනීමට හැකියාවක් ලැබී නැත.

මෙහිදී මොයින් අලී යොමු කරන පන්දුව කෙළින්ම කඩුල්ලේ වදින අතර විරාට් හට සිදු වූ දෙය පවා සිතාගත නොහැකිව බලා සිටින ආකාරය දැකගත හැකි වූ අතර ඔහු පිටියෙන් ඉවතට යෑමට පවා සිතාගත නොහැකි විය.

එම පන්දුවේ වීඩියෝව පහතින්,