April 20, 2024

චමරි වැඩ පෙන්වයි - සිංහ කෙල්ලෝ පොදු රද මඬුලු තරගාවලියට සුදුසුකම් ලබයි

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වීමට නියමිතව ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) අවසන් වූවා.

මැලේසියාවේ දී මම තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර යි.

තරගය අවසානයේ දී ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වූවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136ක්.

චමරි අතපත්තු ලකුණු 48ක් ලබා ගත්තා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා ගත් අතර අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණූ 20 යි.

ලකුණූ 137ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 114ක් පමණ යි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ලකුණු 22කින් ජයගත්තා.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ චමරි අතපත්තු ලකුණු 17කට කඩුලු 03ක් බිඳහෙලුවා.

අමා කාන්චනා එක් කඩුල්ලක් ලබා ගත්තේ ලකුණූ 13ක් ලබා දෙමින්.

මෙම තරගය ජය ගැනීමත් සමග මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූවා.

Rate this item
(0 votes)