April 20, 2024

කොවිඩ් සුව වූ වේග පන්දු තරුව යළි එයි - දෙවැනි තරගයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය අද පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත යි.

මේ අතර පළමු තරගයට සහභාගී නොවූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි චමීර මේවන විට සුවය ලබා ඇති අතර පළමු තරගයට ඔහු සහභාගී නොවූයේ විවේක ගැන්වීම හේතුවෙන්.

චමීර වෙනුවට යොවුන් ක්‍රීඩක චාමික ගුණසේකරට එක් දින වරම් ලබා දෙමින් පළමු තරගයට සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළත් අවාසනාවන්ත ලෙස තමා සහභාගී වූ පළමු තරගයේ දීම ඔහුට ක්‍රීඩාගාරය බලා යාමට සිදු වූයේ කළව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසා යි.

1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාව මේවන විට සමත් වී තිබෙනවා.

පළමු තරගයේ ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් සහභාගී වනු ඇති.

කෙසේ වෙතත් තමන් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බව සිම්බාබ්වේ පිල පළමු තරගයේ දී පෙන්වා දුන්නා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුළු 09ක් දැවී ලකුණූ 296ක් රැස් කළා.

කඩුළු 05ක් දැවී ශ්‍රී ලංකාව ලකුණූ 300ක් ලබාගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජයගත්තා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 11:13