April 24, 2024

මහේල විදෙස්ගත වීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන මහතා විදෙස්ගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.

ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සියල්ලෙහි උපදේශක පුහුණුකරු ලෙස යි කටයුතු කරන්නේ.

ඒ අනුව ඔහු 09 වැනි දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා දිවයිනෙන් පිටව යන බව යි පැවසෙන්නේ.

කියවන්න: භානුක ඉල්ලා අස්වෙයි! ක්‍රිකට් ලොව කැළඹූ හේතුව ගැනත් ආන්දෝලනයක්!

U19 ලෝක කුසලානය

19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඔහු එලෙස කොදෙව් දූපත් බලා යාමට නියමිත බව යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ලබන 14 වැනි දා එම තරගය ආරම්භවන අතර ඒ සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සේවය ලබා දීම සඳහා මහේල ජයවර්ධන මහතා මෙලෙස දිවයිනෙන් පිටව යාමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග මහේල ජයවර්ධන එහි රැඳී සිටිනු ඇති බව යි.

සිංහ පැටව්

19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද මේවන විට මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා කොදෙව් දූපත් බලා ගොස් තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පසුගිය 02වැනි දා ශ්‍රී ලංකා සංචිතය කොදෙව් දූපත් බලා පිටත් වූවා.

ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාවය ලබා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ.

මේ අතර ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවූ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් නොකර මෙවර 19න් පහළ ලෝක කුසලාන සංචිතය සඳහා සහභාගී කරවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

කියවන්න: ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනස් වෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 12:46