April 19, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට රුමේෂ් රත්නායක මහතා පත් කොට තිබෙනවා.

මෙය තාවකාලික පත් කිරීමක් බව යි වාර්තා වන්නේ.

මෙම මාසයේ දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා පමණක් රත්නායක මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බලනු ඇති.

ඔහු මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට්හි වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මහතා සිය ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට පියවර ගත් අතර ඔහුගේ ගිවිසුම් කාලය ඊයේ (04) දිනයෙන් අවසන් වූ බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ආතර් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගාවලිය වූවේ පසුගිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය යි.

මේ අතර සිම්බාබ්වේ සංචාරය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා. 

එය ද තාවකාලික පත් කිරීමක් බව යි වාර්තා වන්නේ. 

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය මෙම මස 16 වැනි දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත යි.

එය තරග තුනකින් සමන්විත වනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 January 2022 06:15