March 28, 2024

ඇන්ජලෝ මැතිව්ස් ගැන කණගාටුදායක පුවතක් : ආබාධය බරපතලයි - LPL වලටත් නැහැ

December 02, 2021

මේ වන විට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර දෙවැනි ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වෙනවා.

එහි පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් අත්දැකීම් බහුල පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක් වුණා.

ආබාධය සමඟ ක්‍රීඩා කිරීම

ශ්‍රී ලංකාව මෙම තරඟයේ දී මුහුණ දී තිබුණු අසීරු තත්ත්වය මත ඔහු ඉනිම් දෙකේදීම ආබාධය තිබියදීත් පිතිකරුවකු ලෙස ක්‍රීඩා කලත් ඉනිම දෙකම සාර්ථක වූයේ නැහැ.

පළමු ඉනිමේදී ලකුණු 29 ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 1 ක්ද ලබා ගැනීමටයි ඔහුට හැකි වුණේ.

එහෙත් ඔහු පන්දු රැකීමට පැමිණියේ නැහැ.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධයේ වෛද්‍ය වාර්තාව මේ වන විට පැමිණ තිබෙනවා.

තත්ත්වය බරපතළයි

ඒ අනුව තත්ත්වය හිතුවටත් වඩා බරපතළ බවයි වාර්තා වන්නේ.

මේ ආබාධය නිසා ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියම අහිමි වනවා.

එළඹෙන ඉරිදා (7) ආරම්භ වන LPL තරගාවලිය දෙසැම්බර් මස 23 දක්වා පැවැත්වීමට නියමිතයි.

වෛද්‍ය වාර්තාව ඒමට පෙර සිතා සිටියේ ආබාධය නිසා ඇන්ජලෝ මැතිව්ස් හට LPL තරගාවලියේ මුල් තරඟ තුන හතර පමණ ක්‍රීඩා කිරීමට නොහැකිය වනු ඇති කියායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වෛද්‍ය නිලධාරී දමින්ද අත්තනායක මහතා සඳහන් කරන්නේ හෙට (4) තවත් වෛද්‍ය පරීක්ෂණයකට ඇන්ජලෝ මැතිව්ස් ලක් කරන බවයි.

මැතිව්ස් සිය ක්‍රීඩා දිවිය තුළ බොහෝ පාදයේ ආබාධවලට ලක් වූවෙක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 20:06